Text Retyped draft for review, October 2026
ජාතික සංවර්ධන පදනම | වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
ජාතික සංවර්ධන පදනම
වැඩසටහන් සහ ක්‍රියාකාරකම් (1980 සිට)
සමාලෝචනය සඳහා කෙටුම්පතකි (Draft for review)
මෙය පැරණි FM අකුරු (non-Unicode) වලින් ටයිප් කළ පිටු 2 ක ලේඛනයක Unicode නැවත ටයිප් කළ පිටපතයි. මුල්
ලේඛනයේ මාතෘකාවක් නොතිබූ බැවින් ඉහත මාතෘකාව එකතු කර ඇත. පැහැදිලි අක්ෂර වින්‍යාස දෝෂ නිවැරදි කර,
අවසානයේ ඇති සටහන් වල ලැයිස්තුගත කර ඇත. කරුණාකර වෙනස්කම්, එකතු කිරීම් හා නිවැරදි දින සලකුණු කර ආපසු
එවන්න.
# වැඩසටහන / ක්‍රියාකාරකම කාලය
1 මිනිපේ යෝධ ඇළේ දකුණු ඉවුරේ පැළ සිටුවීමේ හා පරිසර සංරක්ෂණ වැඩසටහන. 1980-81-82
2 මිනිපේ යෝධ ඇළේ කුඹුරුවල ජල පාලන වැඩසටහන. 1980-81-82
3 මීගව බැංකුව පිහිටුවීම. 1980-81
4 ගෙවතු සංවර්ධන වැඩසටහන. 1983-89
5 විකල්ප බලශක්තියක් වශයෙන් ජීව වායු ජනකය හඳුන්වා දීම. 1983 සිට
6 ජීව වායු හා සමෝධානික ගොවිපොළ ක්‍රමය හඳුන්වා දීම හා ව්‍යාප්ත කිරීම. 1983 සිට
7 ජීව වායු ජනක ඉදිකිරීමට, ගවගාල් ඉදිකර ගැනීමට සහ කිරි ගවයින් මිලදී ගැනීමට ලංකා 1983 සිට
බැංකුව සමඟ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම.
8 ළමා සමිති පිහිටුවීම හා ආගමික මධ්‍යස්ථාන මුල් කරගෙන ළමා සංවර්ධන වැඩසටහන්. 1984-85-86
9 මහවැලි සී කලාපය තුළ ජීව වායු හා සමෝධානික ගොවිපොළ ක්‍රමය ව්‍යාප්ත කිරීම.
10 (වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි සංකල්පය) මූලික කර ගනිමින් කුරුණෑගල, පුත්තලම් 1981 සිට 2000
දිස්ත්‍රික්ක දෙකෙහි කුඩා වැව් ආසන්න වශයෙන් 100ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීම. මේ දක්වා
අතර නටඹුන් වූ වැව් කීපයක්ද අලුතෙන්ම ඉදිකරන ලදී.
11 උස්සාන වාරිමාර්ග යෝජනා ක්‍රමයක්. 1995
12 කෘෂිකාර්මික ළිං (වගා ළිං) 50ක් පමණ ඉදි කිරීම. 1991 සිට
13 අමුණක් ඉදිකර නව කුඹුරු යායක් අස්වැද්දීම. 1997
14 පානීය ජල අවශ්‍යතා සඳහා පොදු ළිං ඉදිකිරීම. 1996
15 ජීව වායු මගින් ක්‍රියාත්මක කිරීම සඳහා මැන්ටල් ලාම්පු, ලිප්, ස්ත්‍රික්ක නිර්මාණය කිරීම. ජීව
වායු මගින් වතුර පොම්ප හා විදුලි ජනක ක්‍රියාත්මක කිරීම සඳහා පර්යේෂණ කිරීම (1986 දී
චීන ජාතික රිච් කැරවදස් මහතා සමඟ මිනිපේදී කැනඩාවේ තාක්ෂණික පරීක්ෂණ
ආයතනයක් මගින්).
16 උඩරට කඳු සහිත ඉඩම් වල ෆයිනස් වගාව මගින් සෝදා පාළුව වැළැක්වීම සඳහා ෆයිනස්
වගාවට එරෙහිව ජනතාව සංවිධානය කිරීම හා දැනුවත් කිරීම.
17 ජල බදු පනතට හා ජල මූලාශ්‍ර පෞද්ගලීකරණයට සහ දුම්කොළ වගාව, කටු පොල් වගාවට
එරෙහිව ගොවීන් දැනුවත් කිරීම හා සංවිධානය කිරීම.
18 අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා ගොවීන් දැනුවත් කිරීම හා සංවිධානය කිරීම.
Retyped draft for review, October 2026 | Page 1
ජාතික සංවර්ධන පදනම | වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
19 මත්ද්‍රව්‍ය උවදුර සංවිධානාත්මකව මැඩ පැවැත්වීම සඳහා කාන්තා, ළමා හා ගොවි
සංවිධානය කිරීම.
20 ප්‍රජා සෞඛ්‍ය හා සනීපාරක්ෂකතාව පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම.
21 රසායනික පොහොර හා කෘමි නාශක භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ ගොවීන් 1983 සිට
දැනුවත් කිරීම හා කාබනික ගොවිතැනට ගොවීන් යොමු කිරීම.
22 ළමා සමිති හරහා පාසල් අධ්‍යාපන කටයුතු ක්‍රමවත් කර ගැනීමට ළමයින් යොමු කිරීම.
23 අවිධිමත් අධ්‍යාපන ක්‍රම අනුසාරයෙන් වැඩිහිටියන් දැනුවත් කිරීම.
24 මානව හිමිකම් හා එදිනෙදා ජීවිතයේදී බලපාන නීතිමය ගැටලු විසඳා ගැනීමට ජනතාව 1986 සිට
දැනුවත් කිරීම හා යොමු කිරීම.
25 දේශීය වෙදකම හා හෙළ වෙදකම ප්‍රවර්ධනය කිරීම සඳහා පාරම්පරික වෙදුන් සමඟ කටයුතු 1984 සිට
කිරීම.
26 විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට සහය වීම.
27 වී ධාන්‍ය ඇතුළු බීජ වර්ග නිෂ්පාදනය කිරීමට යොමු කිරීම සඳහා බීජ බැංකු ක්‍රමය හඳුන්වා 1981 සිට
දීම.
28 මුතුකන්ඩිය යෝජනා ක්රමයේ අසාර්ථකව තිබූ හා බෙදුම් ඇළ වාරි ක්‍රමය පුනරුත්ථාපනය 1984 සිට
කිරීම හා ගොවි සංවිධාන ශක්තිමත් කිරීම.
29 වගාබිම් හා ගෙවතුවල පාංශු ඛාදනය වැළැක්වීම සඳහා පාංශු සංරක්ෂණ ක්‍රම හඳුන්වා දීම
හා ක්‍රියාවට නැංවීම.
30 දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා කුඹල් කර්මාන්තය හා පන් ආශ්රිත කර්මාන්ත දියුණු
කිරීමට කටයුතු කිරීම.
31 ඉහළ සිට පහළට, නැතිනම් ශීතල කාමර වල සිට ප්‍රජාව වෙනුවෙන් වැඩසටහන් සැලසුම්
කරන ක්‍රමවේදය වෙනුවට ඉලක්ක ප්‍රජාව විසින්ම සහභාගීත්වයෙන් වැඩසටහන් සැලසුම්
කිරීම සඳහා සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය (PRA සහභාගීත්ව ගැමි විමසුම) ජාතික සංවර්
ධන ක්‍රියාදාමයට හඳුන්වා දීමට පුරෝගාමීත්වය ගැනීම. රොබට් චේම්බර්ස් මහතා සමඟ.
32 PRA පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය නොවන සංවිධාන වල නිලධාරීන්ට මෙන්ම ප්‍රජා
ක්රියාකාරිකයින්ට පුහුණු කිරීම.
33 සහභාගීත්ව අධීක්ෂණය හා ඇගයීම් ක්‍රමවේදය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමීත්වය
දැරීම. ඇලෙක්සැන්ඩ්රා ස්ටීවන් මහත්මිය සමඟ.
34 මෙරට ක්‍රියාත්මක වූ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන හා කාන්තා සංවිධාන වල සංවර්ධන
කටයුතු ක්‍රමවත් කරගැනීම සඳහා සෘජුව මැදිහත් වීම හා උපදේශන සේවය ලබා දීම.
35 PRA පිළිබඳ ජාත්‍යන්තර පුහුණු වැඩසටහනක් මහාචාර්ය රොබට් චේම්බර්ස් මහතා සමඟ
මෙරටදී පැවැත්වීම හා සංවිධානය කිරීම.
36 ජනසවිය වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනසවියේ ඉලක්ක ප්‍රජාව සජීවීකරණය
කිරීම (රජයේ ව්‍යාපෘතියකි).
37 ජනසවිය භාරකාර අරමුදලේ උපදේශකත්වය දැරීම (රජයේ ව්‍යාපෘතියකි).
38 ගැමිදිරිය වැඩසටහනේ සමාජ සජීවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම (රජයේ ව්
යාපෘතියකි).
Retyped draft for review, October 2026 | Page 2
ජාතික සංවර්ධන පදනම | වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
39 වයඹ වියළි කලාපීය සහභාගීත්ව සංවර්ධන වැඩසටහනේ (IFAD) සහභාගීත්ව
අලෙවිකරණය පිළිබඳව ඉලක්ක ප්‍රජාව දැනුවත් කිරීම හා සහභාගීත්ව අලෙවිකරණයට
නිෂ්පාදකයින් සංවිධානය කිරීම.
40 තායිලන්තයේ "ACFOD" ("සංවර්ධනය සඳහා ආසියානු සංස්කෘතික ආයතනය")
ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය ලෙස කටයුතු කිරීම.
Retyped draft for review, October 2026 | Page 3
ජාතික සංවර්ධන පදනම | වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
සමාලෝචන සටහන් (Review notes)
නැවත ටයිප් කළ පිටපත සමඟ සකස් කළේ 2026 ඔක්තෝබර් 17. මුල් ලේඛනයේ කොටසක් නොවේ.
අ. මුල් පාඨයට කළ නිවැරදි කිරීම්
අංකය මුල් ලේඛනයේ නැවත ටයිප් කළේ
3 මීගමුව බැංකුව මීගව බැංකුව (Buffalo Bank). තහවුරු කරන්න.
6, 9 සමෝදානික ලොවිපොල / ගෙවිපල සමෝධානික ගොවිපොළ
8 මධ්‍යස්තාන මධ්‍යස්ථාන
9 ජිව වායු ජීව වායු
13 අසිවැද්දීම අස්වැද්දීම
14 ඉදීකිරීම ඉදිකිරීම
15 ක5ියාත්මක ක්‍රියාත්මක
21 ඍාසායනික රසායනික
28 ශකිතිමත් ශක්තිමත්
31 ක්රමවෙුදය, ජ්‍රජාව, චේම්වර්ස් ක්‍රමවේදය, ප්‍රජාව, චේම්බර්ස්
39 සහභාගිතිව සහභාගීත්ව
සියල්ල හදුන්වා, පිළිබද, කදු, විසදා හඳුන්වා, පිළිබඳ, කඳු, විසඳා
සියල්ල තාක්ෂනික, පර්යේෂන, අධීක්ෂනය, දියුනු, සංවර් තාක්ෂණික, පර්යේෂණ, අධීක්ෂණය, දියුණු, සංවර්ධන,
දන, නිළධාරීන් නිලධාරීන්
ආ. NDF කණ්ඩායම විසින් පරීක්ෂා කළ යුතු කරුණු
1. මුල් ලේඛනයේ ඉහළින් "1980-81" ලෙස පමණක් සඳහන් විය. ලේඛනයේ නිවැරදි මාතෘකාව හා සකස්
කළ වර්ෂය කුමක්ද?
2. අංක 3: "මීගමුව බැංකුව" යනු මිනිපේ "මීගව බැංකුව" (Buffalo Bank) වැඩසටහනද? IIMI 1990 වාර්
තාවේ මිනිපේ Buffalo Bank එකක් සඳහන් වේ.
3. අංක 11: "උස්සාන වාරිමාර්ග" යන්න ඔසවන (lift irrigation) වාරිමාර්ගයක්ද? ස්ථානය කුමක්ද?
4. අංක 15: "ලිප්, ස්ත්‍රික්ක" යන වචන පැහැදිලි නැත. "රිච් කැරවදස්" මහතාගේ නම නිවැරදිද?
5. අංක 9, 15-20, 22, 23, 26 හා 29-40 සඳහා දින සඳහන් නැත. කරුණාකර වර්ෂ එකතු කරන්න.
6. අංක 10: වැව් 100ක් පමණ (1981-2000). 1997 Profile ලේඛනයේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සමඟ
ගැළපේද?
7. අංක 36-39: ජනසවිය, ගැමිදිරිය හා IFAD වැඩසටහන් සඳහා NDF හි භූමිකාව හා කාලය තහවුරු
කරන්න.
8. අංක 40: ACFOD සමඟ සම්බන්ධය කවදා සිට කවදා දක්වාද?
Retyped draft for review, October 2026 | Page 4