පාඨය නැවත ටයිප් කරන ලද කෙටුම්පත, සමාලෝචනය සඳහා, 2026 ඔක්තෝබර්.
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
[Scan page 9 (no typed page label, page 1)]
Handwritten: Updated Constitution
ජාතික සංවර්ධන පදනම
රීති
සමාලෝචනය සඳහා කෙටුම්පතකි (Draft for review)
මෙය ජාතික සංවර්ධන පදනමේ ටයිප් කළ සිංහල ව්‍යවස්ථාව (ස්කෑන් පිටු 9-19), 1987, 1988 හා 03 වන සංශෝධන, සහ අදාළ
ලිපි (ස්කෑන් පිටු 1-8, 20-23) නැවත ටයිප් කළ පිටපතයි. වචන මුල් ලේඛනයේ පරිදිම තබා ඇත. [?] ලකුණු කළ වචන කියවීමට
අපහසු විය. අළු පැහැති [Scan page ...] සලකුණු මුල් පිටුව ආරම්භ වන තැන පෙන්වයි. අවසානයේ ඇති සමාලෝචන සටහන්
(Review notes) බලා, කරුණාකර වෙනස්කම් සලකුණු කර ආපසු එවන්න.
1. නාමය
පදනම (මෙහි මින්මතු "පදනම" යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික සංවර්ධන පදනම යනුවෙන්
හැඳින්විය යුතුය.
2. ලියාපදිංචිය කාර්යාලය
පදනමේ ලියාපදිංචි කාර්යාලය අංක 5, ඇස්. ඩී. ඇස්. ජයසිංහ මාවත, කොහුවල, නුගේගොඩ යන
ස්ථානයෙහි පිහිටුවා ඇත.
3. ලාංඡනය
පදනමේ ලාංඡනය කහපාට පසුබිමක් මත එක් පසකින් වී කරලකින් හා අනෙක් පසින් දැතිරෝදයක
[?] අඩකින් යුක්තවූ සහ පසෙකින් [?] "ජාතික සංවර්ධන පදනම" යන වචන සහිත ශ්‍රී ලංකාව මැද පුන්
කලය දැක්වෙන ලාංඡනය විය යුතුය.
4. ධජය
රතුපාට පසුතලයකින් [?] යුක්තව කහපාට රාමුවකින් වටවූ කොන් හතරේ කහපාට බෝකොළ හතරක්
සහිතව දකුණතින් කඩුවක්ගත් සිංහයෙකුගෙන් සමන්විත ධජය විය යුතුය.
5. අරමුණු
පදනමේ අරමුණු පහත සඳහන් අරමුණු විය යුතුය.
i. ජාතික සම්පත් සංරක්ෂණය කිරීම, සංවර්ධනය කිරීම හා ඒවා එක සමානව පරිහරණය කිරීම
සඳහා ජනතාවට අවබෝධයක් ලබාදීම.
ii. ගොවිජන ජීවිතය සැකසීම හා ග්‍රාම සංවර්ධනය තුළින් රට ස්වයං පෝෂණය කිරීම හා
ගොවිජනතාව තුළ ස්වශක්තිය ගොඩ නැගීම සඳහා කැප කැපවීම.
iii. ශ්‍රී ලංකාවේ පුරවැසියන් තුළ තම උරුමයන් පිළිබඳ හැඟීමක් ඇති කිරීම හා ජාතික සම්පත්
සංරක්ෂණය කිරීමේදී හා සංවර්ධනය කිරීමේදී අවශ්‍යවන විවිධ සංවර්ධන කාර්යයන්ට ජනතාව
සමගියෙන් හා සහෝදරත්වයෙන් නැඹුරු කරවීම.
Retyped draft for review, October 2026 | Page 1
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
iv. ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනය සඳහා ආගමික මධ්‍යස්ථාන මුල්කරගත් අධ්‍යාපන රටාවක්
ගොඩ නැගීම.
v. ජනතාවගේ ආගමික, සංස්කෘතික, සමාජීය හා ආර්ථික තත්වය නගාසිටුවීම තුළින් ඔවුන් තුළ
විනය ගරුකත්වය හා ස්වයංපාලන තත්වය ගොඩ නැගීම.
vi. රජය විසින් ජනතාවගේ හිතසුව පිණිස වැය කරනු ලබන ජාතික ධනය අර පිරිමැස්මෙන් යුතුව
වැය කිරීම සඳහා ජනතාව හුරු කරවීම.
[Scan page 10 (typed -2-)]
vii. ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම.
viii. පොදු ජනජීවිතය දියුණු කිරීමට ඉවහල් වන කාර්යයන් ඉටු කිරීම.
ix. පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කිරීම හා සංවිධානය කිරීම.
x. ස්වාභාවික සම්පත් හා නිර්මාණික සම්පත් සංරක්ෂණයට අර්ථ සංරක්ෂණයට හා සදාචාර
සංරක්ෂණයට අදාලවන්නාවූ සියලුම ක්‍රියා මාර්ගයන් අනුගමනය කිරීම සහ ස්වේච්ඡා හා රජයේ
ආයතනවල එවැනි ක්‍රියා මාර්ග වලට සහයෝගය දැක්වීම.
xi. ඉහතකී අරමුණු ඉටුකර ගැනීමට හැකිවන පරිදි ජාතික හා ජාත්‍යන්තර සංවිධාන සමග
සම්බන්ධකම් පැවැත්වීම.
6. බලතල
පහත සඳහන් බලතල පදනමට තිබිය යුතුය.
(i) පදනමේ අරමුණු මුදුන්පත් කරවාගැනීම පිණිස අවශ්‍ය වන චංචල හා නිශ්චල දේපොල මිලදී
ගැනීම, දීර්ඝකාලීනව හෝ කෙටිකාලීනව හෝ බද්දට ගැනීම හෝ කුලියට ගැනීම හෝ පරිත්‍යාග
වලින් ලැබෙන චංචල හෝ නිශ්චල දේපොල භාරගැනීම.
(ii) පදනමේ පරමාර්ථයන් මුදුන්පත් කරවා ගැනීමට, දේශීය හෝ විදේශීය ආයතනයන් ගෙන් හෝ ශ්‍රී
ලංකා ජන රජයෙන් හෝ ලැබෙන මුල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර හෝ පරිත්‍යාග භාරගැනීම.
(iii) පදනමේ පරමාර්ථ සපුරාගැනීමට අවශ්‍යවූ විටෙක දේශීය හෝ විදේශීය ආයතනයන්ගෙන් හෝ
ශ්‍රී ලංකා ජනරජයෙන් හෝ දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන ණය පහසුකම් ලබාගැනීම සහ අවශ්
යවුවහොත් දේශීය හෝ විදේශීය ආයතන හෝ ශ්‍රී ලංකා ජන රජය සමඟ ගිවිසුම් වලට හෝ
බැඳුම්කරයනට හෝ ඇප කරණයනට බැඳී කටයුතු කිරීම.
(iv) පදනමේ සාමාජිකයන්ගෙන් සාමාජික මුදල් එකතු කිරීම සහ පදනමේ පරමාර්ථවලට ගැලපෙන
අයුරින් අරමුදල් වර්ධනය කරනු පිණිස ඉහත කී කොන්ත්‍රාත්තු ගිවිසුම් හෝ බැඳුම් කර හෝ
ඇපකරයන්ගෙන් පරිපාලන මණ්ඩලය මගින් තීරණය කරනු ලබන ප්‍රතිශතයකින්
සේවාගාස්තුවක් අයකිරීම.
[Scan page 11 (typed -3-)]
(v) පදනමේ අරමුණු ඉටුකරගැනීම සඳහා අවශ්‍යයයි පරිපාලන මණ්ඩලය සලකන වෙනත් ක්‍රියා
Retyped draft for review, October 2026 | Page 2
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
7. සාමාජිකත්වය
5වන රීතියේ සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ඇප කැපවී ක්‍රියා කිරීමට එකඟවන [?]
තැනැත්තකු විසින් මෙහි 9 රීතියේ විධිවිධානවලට යටත්ව පදනමේ සාමාජිකත්වය සඳහා අයදුම් කරනු
ලැබිය හැකිය.
8. සාමාජිකත්ව ශ්‍රේණි
පදනමේ සාමාජිකත්වය පහත දැක්වෙන ශ්‍රේණිවලින් සමන්විත යුතුය.
(අ) ගරු සාමාජිකත්වය
ගරු සාමාජිකත්වය හිමිවන්නේ ආගමික පූජ්‍යයන් වහන්සේලාට පමණි.
(ආ) සාමාන්‍ය සාමාජිකත්වය.
(ඇ) ආයතන සාමාජිකත්වය.
රජයේ ලියාපදිංචි වූ හෝ පිහිටුවා අවුරුදු තුන ඉකුත්වූ [?] (දේශපාලන පක්ෂ නොවූ) ආයතනවලට
හෝ සංවිධානවලට පමණක් ආයතන සාමාජිකත්වය පිරිනැමේ.
9. සාමාජිකත්වය සඳහා අයදුම් කිරීම
8වන [?] රීතිය යටතේ පදනමේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට අදහස් කරන යම් තැනැත්තකු
විසින් පදනමේ පරිපාලන මණ්ඩලයේ ලේකම්වරයාගෙන් ලබාගත හැකි නියමිත අයදුම්පත් ආකෘති
පත්‍රය නිසි පරිදි පුරවා අදාල සාමාජික ගාස්තු සමග එකී ලේකම්වරයා වෙත ඉදිරිපත් කල යුතුය . එවිට
පරිපාලන මණ්ඩලය විසින් එකී අයදුම් පත්‍රය සලකා බලා සාමාජිකත්වය පිරිනැමීමට හෝ ප්‍රතික්ෂේප
කිරීමට තීරණය කල යුතුය.
10. සාමාජිකත්වය ප්‍රතික්ෂේප කිරීම
සාමාජිකත්වය පිරිනැමීමේ හෝ කිසිම හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කිරීමේ හෝ සම්පූර්ණ බලය
පරිපාලන මණ්ඩලය සතු විය යුතුය.
11. සාමාජික ගාස්තු
ගරු සාමාජිකත්වය දරන තැනැත්තන් විසින් කිසිම සාමාජික ගාස්තුවක් නොගෙවිය යුතු අතර
සාමාන්‍ය සාමාජිකත්වය දරන තැනැත්තන් විසින් රු. 25/- ක වාර්ෂික සාමාජික ගාස්තුවක්ද, ආයතන
සාමාජිකත්වය දරන තැනැත්තන් විසින් රු. 50/- ක වාර්ෂික සාමාජික ගාස්තුවක්ද ගෙවිය යුතුය.
පරිපාලන මණ්ඩලයේ අභිමතය අනුව මෙම සාමාජික ගාස්තු කලින් කල වෙනස් කරනු ලැබිය හැකිය.
12. සාමාජික නාම ලේඛනය
පරිපාලන ලේකම්වරයා විසින් සාමාජිකයන්ගේ නම්, සාමාජිකත්වය ශ්‍රේණිය, ස්ථිර ලිපිනය,
සාමාජිකත්වය පිරිනැමූ දිනය, සාමාජිකත්වය අත් හිටවූ දිනය, සාමාජිකත්වය අහෝසිවූ දිනය, සහ
වෙනත් අදාල තොරතුරු සඳහන් වන සාමාජික නාම ලේඛනයක් පවත්වාගෙන යා යුතුය.
[Scan page 12 (typed -4-)]
Retyped draft for review, October 2026 | Page 3
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
13. ඡන්ද බලය
(1) යම් ශ්‍රේණියක එක් සාමාජිකයෙකුට එක් ඡන්දයක් හිමිවේ. එසේ වුවද, සාමාන්‍ය හෝ ගරු
සාමාජිකත්වය හිමි යම් සාමාජිකයකු ආයතන සාමාජිකත්වය හිමි ආයතනයට අයත් වන සහ ඒ
සාමාජිකයා ඒ ආයතනය නියෝජනය කරන අවස්ථාවක ඒ සාමාජිකයාට එක් ඡන්දයක් පමණක්
හිමි විය යුතුය.
(2) ඡන්ද බලය හිමි සියලුම සාමාජිකයන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුය.
14. සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම
ඕනෑම සාමාජිකයෙකුට පරිපාලන මණ්ඩලයේ ලේකම් වරයාවෙත තමා ඉල්ලා අස්වන බවට ලිපියක්
ඉදිරිපත් කොට පදනමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය හැකිය.
එසේ වුවද, ඉල්ලා අස්වීම පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය පරිපාලන මණ්ඩලය සතුවිය
යුතුය.
15. සාමාජිකත්වය අත්හිටුවීම හෝ අහෝසිකිරීම
පහත සඳහන් යම් එක් හේතුවක් හෝ වැඩි හේතු ගණනක් හෝ මත ඕනෑම සාමාජිකයෙකුගේ
සාමාජිකත්වය අධ්‍යයනය [?] කිරීමේ හෝ පරිපාලන මණ්ඩලයේ අභිමතය පරිදි සුදුසුයැයි සලකන
කාලසීමාවක් සඳහා අත්හිටුවීමේ හෝ බලය පරිපාලන මණ්ඩලය වෙත තිබිය යුතුය.
(අ) පදනමේ අරමුණුවලට පටහැනි වන ආකාරයෙන් ක්‍රියා කිරීම.
(ආ) පිට පිට වාර තුනක් පිළිගත හේතුවක් නොමැතිව සාමාජික මුදල් ගෙවීම පැහැර හැරීම.
(ඇ) පදනමේ මතය අනුව, පදනමේ කීර්තියට කැළලක් වන ලෙස ක්‍රියා කිරීම.
(ඈ) පදනමේ රීති උල්ලංඝනය කිරීම සහ
(ඉ) පදනමේ ශුභ සිද්ධියට පටහැනියැයි පරිපාලන මණ්ඩලය පිළිගන්නා ක්‍රියාවක් කිරීම.
16. මහ සභාව
(1) පදනමේ සියලුම සාමාජිකයන්ගෙන් සමන්විත මහසභාවක් තිබිය යුතුය.
(2) මහ සභාව යටත් පිරිසෙයින් වර්ෂයකට එක් වරක් වත් රැස්විය යුතුය. පරිපාලන මණ්ඩලයේ
ලේකම්වරයා විසින් මහා සභාවේ වාර්ෂික රැස්වීම පිළිබඳව යටත් පිරිසෙයින් දින දහහතරකට
කලින් සියලුම සාමාජිකයින්ට ලියවිල්ලකින් දැනුම් දිය යුතු අතර, සාමාජිකයින්ගේ යෝජනා
රැස්වීම පවත්වනු ලබන දිනයට දින හතකට පෙර පරිපාලන මණ්ඩලයේ ලේකම්වරයා වෙත
ලියවිල්ලකින් ඉදිරිපත් කල යුතුය.
(3) මහ සභාවේ රැස්වීමක ගණ පූර්ණය මුළු සාමාජිකත්වයෙන් හතරෙන් එකට නොඅඩු සංඛ්‍යාවක්
විය යුතුය.
Retyped draft for review, October 2026 | Page 4
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
(4) මහ සභාවේ විශේෂ රැස්වීමක් කැඳවන ලෙස පරිපාලන මණ්ඩලය තීරණය කලවිට හෝ මුළු
සාමාජිකත්වයෙන් හතරෙන් එකකට නොඅඩු සාමාජිකයින් සංඛ්‍යාවක් විසින් පරිපාලන
මණ්ඩලයේ ලේකම්වරයා වෙත
[Scan page 13 (typed -5-)]
ඉදිරිපත් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් මත හෝ ඒ ලේකම්වරයා විසින් විශේෂ රැස්වීමක් කැඳවිය යුතුය.
විශේෂ රැස්වීම කැඳවීමට හේතුව ඒ ලිඛිත ඉල්ලීමේ සඳහන් කල යුතුය. පරිපාලන සභාවේ
ලේකම්වරයා විසින් විශේෂ රැස්වීම පිළිබඳව ඒ විශේෂ රැස්වීම පවත්වන දිනයට යටත් පිරිසෙයින් දින
දහයකට කලින් සියලුම සාමාජිකයින්ට ලියවිල්ලකින් දැනුම් දිය යුතුය.
(5) මහ සභාවේ විශේෂ රැස්වීමක ගණ පූර්ණය මුළු සාමාජිකත්වයෙන් හතරෙන් එකකට නොඅඩු
සංඛ්‍යාවක් විය යුතුය.
(6) මහ සභාවේ වාර්ෂික රැස්වීමක හෝ විශේෂ රැස්වීමක තීරණවලට ඒකච්ඡන්දයෙන් එළඹිය
නොහැකි අවස්ථාවක වැඩි ඡන්දයෙන් එළඹිය යුතුය.
(7) මහා සභාවේ රැස්වීමකදී යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සමානව ඡන්දය ලැබුන අවස්ථාවක
සභාපතිවරයාට තීරක ඡන්දයක් පාවිච්චි කිරීමේ බලය තිබිය යුතුය.
(8) මේ රීතියේ "මුළු සාමාජිකත්වය" යන්නට ඒ වනවිට සාමාජිකත්වය අත් හිටුවනු ලැබ ඇති
සාමාජිකයන් ඇතුලත් නොවිය යුතුය.
17. මහසභාවේ වගකීම් හා බලතල මෙසේය.
(i) පරිපාලන සභාවට නියෝජිතයින් පහළොස් දෙනෙකු [?] තෝරා පත් කිරීම.
(ii) විගණකවරුන් නම් කිරීම
(iii) විගණනය කරනු ලබන පදනමේ මුදල් වාර්තාව හා සේවා වාර්තාව අනුමත කිරීම.
18. පරිපාලන මණ්ඩලය
(1) මහා සභාව විසින් තම වාර්ෂික මහා සභා රැස්වීමේදී පරිපාලන මණ්ඩලයක් තෝරා පත්කල
යුතුය.
(2) (1) අනුරීතිය යටතේ තෝරා පත්කරනු ලබන පරිපාලන මණ්ඩලය පහත සඳහන්
සාමාජිකයින්ගෙන් සමන්විත යුතුය.
i. විශේෂ හැකියාවන් හෝ සුදුසුකම් අනුව මහසභාව සුදුසුයැයි තීරණය කල නව දෙනෙකු
ii. පදනමේ පූර්ණ කාලීන සමායෝජක මණ්ඩලයේ තිදෙනෙකු
iii. පදනමේ ක්ෂේත්රයේවල [?] පූර්ණකාලීනව නියුක්තවන තිදෙනෙකු
(3) පරිපාලන මණ්ඩලය විසින් තම මුල් රැස්වීමේදී එහි සාමාජිකයන් අතුරෙන් පරිපාලන
මණ්ඩලයේ ගරු සභාපතිවරයා සහ ගරු උපසභාපතිවරු දෙදෙනෙකු සහ ගරු භාණ්ඩාගාරික
වරයෙකු සහ පරිපාලන ලේකම්වරයෙකු පත් කරගත යුතුය. පරිපාලන මණ්ඩලයේ
සභාපතිවරයා පදනමේද මහසභාවේද සභාපතිවරයා විය යුතුය.
Retyped draft for review, October 2026 | Page 5
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
(4) පරිපාලන මණ්ඩලයේ සභාපතිවරයා මහ සභාවේ රැස්වීම් වලදී මෙන්ම පරිපාලන සභාවේ
රැස්වීම් වලද මූලසුන හෙබවිය යුතුය. එහෙත් ඔහු නොමැති විටක උපසභාපතිවරු
දෙදෙනෙකුගෙන් කෙනෙකු මූලසුන හෙබවිය යුතුය.
[Scan page 14 (typed page label not visible on scan; sequence implies -6-)]
(5) රෝගාතුර වීම හේතුකොට ගෙන හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම [?] නිසා හෝ වෙනත් යම්
හේතුවක් නිසා හෝ පරිපාලන මණ්ඩලයේ ගරු සභාපතිවරයාට තාවකාලික ලෙස තම යුතුකම්
හා වගකීම් ඉටුකල නොහැකි අවස්ථාවක එසේ යුතුකම් සහ වගකීම් ඉටුකල නොහැකි කාල
සීමාව සඳහා ගරු උපසභාපතිවරුන් දෙදෙනා අතුරෙන් එක් තැනැත්තෙකු පරිපාලන
මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතුය.
(6) පරිපාලන මණ්ඩලයේ යම් සාමාජිකයෙකු කලින් නොදන්වා හෝ පිළිගතහැකි හේතුවක්
නොමැතිව හෝ පරිපාලන මණ්ඩලයේ රැස්වීම් තුනකට පිටපිට නොපැමිණිය හොත්, පරිපාලන
මණ්ඩලයේ ඔහුගේ සාමාජිකත්වය අහෝසි විය යුතුය.
(7) පරිපාලන මණ්ඩලයේ මතය අනුව ජාතික සංවර්ධන පදනමේ ව්‍යවස්ථා මාලාවේ යම්
විධිවිධානයකට පටහැනිව ක්‍රියාකර තිබෙන හෝ පදනමේ ගෞරවය කෙලෙසන ආකාරයෙන්
ක්‍රියාකර තිබෙන පරිපාලන මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ධුරය, පරිපාලන මණ්ඩලයේ
රැස්වීමකදී වැඩි ඡන්දයෙන් සම්මත කරනු ලබන යෝජනාවක් මගින් නිශ්චිත කාලයක් සඳහා
අත්හිටුවීමට හෝ එකී ධුරයෙන් ඔහු ඉවත් කිරීමට පරිපාලන මණ්ඩලයට බලය තිබිය යුතුය.
(8) පරිපාලන මණ්ඩලයේ යම් පුරප්පාඩුවක් ඇතිවුවහොත් මහ සභාව විසින් ඒ පුරප්පාඩුව පුරවන
තුරු පරිපාලන මණ්ඩලය විසින් තාවකාලික ලෙස ඒ පුරප්පාඩුව පුරවනු ලැබිය යුතුය.
(9) පරිපාලන මණ්ඩලයේ පුරප්පාඩුවක් හෝ යම්කිසි සාමාජිකයෙකුගේ පත්වීමේ යම් දෝෂයක්
තිබුනද, ඒ මණ්ඩලය විසින් ගනු ලබන තීරණ සහ කරනු ලබන සියලු ක්‍රියා සියලු කාර්යයන් සඳහා
වලංගු සහ බලසහිත විය යුතුය.
19. පරිපාලන මණ්ඩලයේ වගකීම් හා බලතල
පරිපාලන මණ්ඩලයේ වගකීම් හා බලතල මෙසේය:
(i) පදනමේ සියලු අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ඇප කැපවී ක්‍රියා කිරීම.
(ii) සමායෝජක මණ්ඩලය පත්කිරීම හා සමායෝජක මණ්ඩලයේ වගකීම් පැවරීම සහ අවශ්‍ය
වුවහොත් ඒ වගකීම් ආපසු ගැනීම.
(iii) විශේෂ කාරක සභා සහ අනුකාරක සභාපත් කිරීම. ඒවායේ කාලය දීර්ඝ කිරීම ඒවා විසුරුවා හැරීම
ඒවායෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනා ආදිය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම.
(iv) සමායෝජක මණ්ඩලය විසින් සිය කටයුතු ඉටුකර ගැනීම සඳහා පත්කරනු ලබන කාරක සභා
සහ අනුකාරක සභා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම.
(v) මහසභාව මගින් පත් කරනු ලබන විගණකවරුන් මගින් පදනමේ ගිණුම් පොත් විගණනය කරවා
ගැනීම සහ විගණන වාර්තා මහසභාවට ඉදිරිපත් කිරීම.
Retyped draft for review, October 2026 | Page 6
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
(vi) පදනමේ සේවා වාර්තාව මහා සභාවට ඉදිරිපත් කිරීම.
(vii) පදනමේ රීති හා කාරක සභා ව්‍යවස්ථා අතුරු ව්‍යවස්ථා හා නියෝග අර්ථ කථනය කිරීම.
20. පරිපාලන මණ්ඩලයේ සභාපතිවරයා සතු වගකීම්
(1) සභාපතිවරයා විසින් මහා සභාවේ හා පරිපාලන සභාවේ තීරණ නිසි පරිදි ක්‍රියාත්මක කල යුතුය.
(2) සභාපතිවරයා විසින් පදනමේ අරමුණු මුදුන්පත්කරගැනීමට ඉවහල් වන සියලුම කාර්යයන් නිසි
පරිදි ඉටු කල යුතුය.
(3) පදනමේ ශුභ සිද්ධිය සඳහා අවශ්‍යවන හදිසි තීරණ ගත යුතුය.
(4) මහා සභාවේ හා උපදේශක සභාවේ මූලසුන දැරිය යුතුය.
[Scan page 15 (typed -7-)]
21. පරිපාලන මණ්ඩලයේ ලේකම්වරයා
(1) පරිපාලන මණ්ඩලය විසින් තම මුල් රැස්වීමේදී පරිපාලන මණ්ඩලය සඳහා පරිපාලන
ලේකම්වරයෙකු පත්කර ගත යුතුය.
(2) පරිපාලන ලේකම්වරයාගේ ධුර කාලය එක් අවුරුද්දක් විය යුතුය. ඔහු ඊට කලින් ධුරයෙන්
අස්වුවහොත් හෝ අස් කරනු ලැබුවහොත් පරිපාලන මණ්ඩලය විසින් ඉතිරි කාලය සඳහා
පරිපාලන ලේකම්වරයෙකු පත්කර ගත යුතුය.
(3) පරිපාලන ලේකම්වරයා සභාපතිවරයාගේ විධානවලට යටත් විය යුතුය.
22. පරිපාලන ලේකම්වරයා සතු වගකීම් හා බලතල
පරිපාලන ලේකම්වරයා සතු වගකීම් මෙසේය:
(i) පරිපාලන මණ්ඩලයේ මහ සභාවේ සහ උපදේශක මණ්ඩලයේ රැස්වීම් පිළිබඳව සියළුම වාර්තා
පවත්වාගෙන යාම.
(ii) පරිපාලන මණ්ඩලයේ මෙහෙයවීම හා විධාන යටතේ පදනමේ සියලුම පරිපාලන කටයුතු කිරීම
සහ පදනමේ රීති හා කාරක සභා ව්‍යවස්ථා අතුරු ව්‍යවස්ථා හා නියෝග ක්‍රියාත්මක කිරීම.
(iii) පරිපාලන මණ්ඩලයේ විශේෂ විධාන ක්‍රියාත්මක කිරීම.
(iv) මහ සභාවේ සහ පරිපාලන මණ්ඩලයේ සහ සමායෝජක කණ්ඩායමේ තීරණ සම්බන්ධීකරණය
කිරීම.
(v) සභාපතිවරයාගේ උපදෙස් හා විධාන පරිදි මහා සභාවේ රැස්වීම්, විශේෂ රැස්වීම් සහ පරිපාලන
මණ්ඩලයේ සහ උපදේශක මණ්ඩලයේ රැස්වීම් සහ කාරක සභා රැස්වීම් කැඳවීම.
(vi) සාමාජික නාම ලේඛනය නිසි පරිදි පවත්වාගෙන යාම.
(vii) පදනමේ සියලු කටයුතු නිසි පරිදි පරිපාලනය කිරීම සම්බන්ධයෙන් වගකීම.
Retyped draft for review, October 2026 | Page 7
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
(viii) උපදේශක මණ්ඩලයේ රැස්වීම්වලද හා සමායෝජක කණ්ඩායමට අමතර රැස්වීම්වලට
සහභාගිවීම.
23. පරිපාලන මණ්ඩලයේ භාණ්ඩාගාරිකවරයා
(1) පරිපාලන මණ්ඩලය විසින් තම මුල් රැස්වීමේදී පදනමට භාණ්ඩාගාරික වරයෙකු පත්කර ගත
යුතුය.
(2) භාණ්ඩාගාරික වරයාගේ ධුර කාලය එක් අවුරුද්දක් විය යුතුය. ඔහු ඊට කලින් ධුරයෙන් ඉල්ලා
අස්වුවහොත් පරිපාලන මණ්ඩලය විසින් ඉතිරි කාලය සඳහා භාණ්ඩාගාරිකවරයකු පත්කරගත
යුතුය.
24. ගරු භාණ්ඩාගාරික වරයාගේ වගකීම්
(1) භාණ්ඩාගාරිකවරයා විසින් පරිපාලන මණ්ඩලයේ විධානවලට යටත්ව පදනමට අයවිය යුතු
සියලුම මුදල් එකතු කිරීම සහ ඒ මුදල් ආරක්ෂා සහිතව තබාගැනීම සහ ඒ මුදල් අවශ්‍ය වන පරිදි
වියදම් කිරීම පිළිබඳව සම්පූර්ණයෙන් පදනමට වගකිව යුතුය.
[Scan page 16 (typed -8-)]
(2) භාණ්ඩාගාරිකවරයා විසින් සියලු චංචල හා නිශ්චල දේපොළ මනා තත්වයෙන් පවත්වාගෙන
යාම පිළිබඳව සම්පූර්ණයෙන් පදනමට වගකිව යුතුය.
(3) භාණ්ඩාගාරික වරයා විසින් පදනමේ සියලු ගිණුම් පිළිබඳවත් සියලු චංචල හා නිශ්චල දේපල
පිළිබඳවත් නිසි වාර්තා තබාගත යුතුය.
(4) විගණනය කරන ලද වාර්ෂික අය වැය පිළිබඳ ශේෂ පත්‍රයක් භාණ්ඩාගාරික වරයා විසින් පරිපාලන
මණ්ඩලය වෙත ඉදිරිපත් කල යුතු අතර එහි අනුමැතිය ඇතිව මහා සභාවට ඉදිරිපත් කලයුතුය.
(5) භාණ්ඩාගාරික වරයා විසින් පදනමේ සියලු චංචල හා නිශ්චල දේපල පිළිබඳ වාර්තා පවත්වාගෙන
යා යුතුය.
(6) සභාපතිවරයා විසින් හෝ පරිපාලන මණ්ඩලය විසින් හෝ ඉල්ලා සිටින ලද විට භාණ්ඩාගාරික
වරයා විසින් තම භාරයේ ඇති ගිණුම් පොත් හෝ වෙනත් ලේඛන සභාපතිවරයාට හෝ
පරිපාලන මණ්ඩලයට හෝ නොපමාව ඉදිරිපත් කල යුතුය.
25. පරිපාලන මණ්ඩලයේ රැස්වීම්
(1) පරිපාලන මණ්ඩලය යටත් පිරිසයින් එක් මසකට වරක්වත් රැස්විය යුතුය.
(2) පරිපාලන මණ්ඩලයේ යම් රැස්වීමක් පිළිබඳව පරිපාලන ලේකම්වරයා විසින් යටත් පිරිසයින්
දින හතකටවත් කලින් සාමාජිකයින්ට දැනුම් දිය යුතුය.
(3) පරිපාලන මණ්ඩලයේ රැස්වීම් පිළිබඳ ගණපූර්ණයක් සාමාජිකයන් පස් දෙනෙකු ගෙන් සමන්විත
විය යුතුය.
(4) පරිපාලන මණ්ඩලයේ රැස්වීමකදී යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සමානව ඡන්දය ලැබුන
අවස්ථාවකදී සභාපතිවරයාට තීරක ඡන්දයක් පාවිච්චි කිරීමේ බලය තිබිය යුතුය.
Retyped draft for review, October 2026 | Page 8
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
26. සමායෝජක කණ්ඩායම
(1) පදනමේ අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි පරිපාලන මණ්ඩලය විසින්
සමායෝජකවරු පත්කරනු ලැබිය හැකිය.
(2) සමායෝජක කණ්ඩායම විසින් තම කටයුතු කරගෙන යාම පිණිස සමායෝජක කණ්ඩායම
විසින් සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත්කර ගත යුතුය.
(3) සමායෝජක කණ්ඩායම යටත් පිරිසයින් එක් මසකට වරක්වත් රැස්විය යුතුය.
(4) සමායෝජක කණ්ඩායම රැස්වීමක ගණපූර්ණය තුන්දෙනෙකු විය යුතුය.
[Scan page 17 (typed -9-)]
27. උපදේශක මණ්ඩලය
(1) පදනම සඳහා උපදේශක මණ්ඩලයක් සිටිය යුතු අතර පරිපාලන මණ්ඩලය විසින් ඒ උපදේශක
මණ්ඩලය නම් කරනු ලැබිය යුතුය.
(2) මේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් විශේෂඥ ක්ෂේත්රවල වෘත්තීමය ක්ෂේත්රවල යෙදී
සිටින්නන් හෝ පදනම පවත්වාගෙන යාමට අවශ්‍යවන උපදෙස් හා අදහස් ඉදිරිපත් කිරීමට
සමත් තැනැත්තන් විය යුතුය.
(3) උපදේශක මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව කලින් කල වෙනස් කිරීමට පරිපාලන මණ්ඩලයට
බලය තිබිය යුතුය.
(4) උපදේශක මණ්ඩලයේ සාමාජිකයන්ගේ ධුර කාලය එක් අවුරුද්දක්වත් විය යුතුය.
(5) ඒ කාලය ඇතුලත උපදේශක මණ්ඩලයේ යම් සාමාජිකයකු ඉල්ලා අස්වුවහොත් පරිපාලන
මණ්ඩලය විසින් ඉතිරිකාලය සඳහා සාමාජිකයකු පත්කරනු ලැබිය හැකිය.
28. උපදේශක මණ්ඩලයේ රැස්වීම්
(1) උපදේශක මණ්ඩලය යටත් පිරිසෙයින් මාස තුනකට වරක්වත් රැස්විය යුතුය. පරිපාලන
ලේකම්වරයා විසින් උපදේශක මණ්ඩලයේ රැස්වීම් අවශ්‍ය වන පරිදි කැඳවිය යුතු අතර ඒ
රැස්වීමේදී පරිපාලන ලේකම්වරයා විසින් ඒ කාලය ඇතුලත පදනම විසින් කරනු ලැබූ කාර්යයන්
පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ඒ සභා රැස්වීමට ඉදිරිපත් කල යුතුය.
(2) පරිපාලන ලේකම්වරයා විසින් උපදේශක මණ්ඩලයේ තීරණ පරිපාලන මණ්ඩලය වෙත
ඉදිරිපත් කල යුතුය.
29. උපදේශක මණ්ඩලයේ වගකීම
අවශ්‍ය කරන සෑම අවස්ථාවකදීම උපදේශක මණ්ඩලය විසින් පරිපාලන සභාවට අවශ්‍ය වන උපදෙස්
පරිපාලන ලේකම්වරයා වෙත ඉදිරිපත් කල යුතුය.
Handwritten: ("උපදෙස්" written by hand above the line and inserted with a caret after "අවශ්‍ය වන" in Article 29)
Retyped draft for review, October 2026 | Page 9
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
30. ගිණුම් පොත් සහ වෙනත් ලේඛන පරීක්ෂා කිරීම
පදනමේ යම් ගිණුම් පොතක් හෝ වෙනත් යම් ලේඛනයක් පරීක්ෂාකර බැලීමට යම් සම්බන්ධතාවක්
ඇති තැනැත්තෙකුට අවශ්‍ය වන අවස්ථාවක ඔහු විසින් ඒ බව ලියවිල්ලකින් පරිපාලන සභාවේ
ලේකම්වරයා වෙත දැන්විය යුතුය. එවිට ඒ ගිණුම් පොත හෝ ලේඛනය ඒ තැනැත්තා විසින් පරීක්ෂා
කර බැලීම සඳහා සියලු පහසුකම් පරිපාලන ලේකම්වරයා විසින් සැලැස්විය යුතුය.
[Scan page 18 (typed -10-)]
31. ආරාවුල් සමථයකට පත් කිරීම
පදනමේ කටයුතුවලට අදාලව පදනම සහ යම් සාමාජිකයකු හෝ සාමාජිකයින් අතර නැතහොත්
සාමාජිකයින් හා සාමාජිකයින් අතර උද්ගතවන යම් ප්‍රශ්නයක් හෝ ආරාවුලක් පිළිබඳව පරිපාලන
මණ්ඩලය විසින් දෙනු ලබන තීරණය අවසානාත්මක හා තීරණාත්මක විය යුතුය.
32. පදනමේ මුදල් පාලනය
(1) සාමාජික මුදල්, දේශීය හා විදේශීය තැනැත්තන්ගෙන් හෝ ආයතන වලින් ලබන (පරිත්‍යාග) [?]
ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ලැබෙන ආධාර හා පරිත්‍යාග සහ වෙනත් යම් ආකාරයකින් ලැබෙන
ආදායම් පදනමේ අරමුදලට බැර කල යුතුය.
Handwritten: (the word "අරමුදලට" in Article 32(1) is written by hand)
(2) පදනමේ සියලු මුදල් පරිපාලන මණ්ඩලය විසින් අනුමත කල බැංකුවක තැන්පත් කරනු ලැබිය
යුතුය.
(3) පදනමේ සියලු මුදල් පදනමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සහ ඊට අනුසාංගික කරුණු
සඳහා වැය කලයුතු අතර, සියලු මුදල් ගණුදෙනු පරිපාලන මණ්ඩලය විසින් කලින් අනුමත කල
යුතුය.
(4) පදනමේ මුදල් ආපසු ගැනීමේ සියලු චෙක් පත් හෝ මුදල් ආපසු ගැනීමේ ඉල්ලුම්පත්
භාණ්ඩාගාරිකවරයා විසින් සහ ගරු සභාපතිවරයා විසින් හෝ ගරු උපසභාපතිවරුන්
දෙදෙනාගෙන් එක් කෙනෙකු විසින් හෝ පරිපාලන ලේකම්වරයා විසින් හෝ අත්සන් කල
යුතුය.
Handwritten: (a vertical line is drawn by hand in the left margin beside Article 32(4))
(5) භාණ්ඩාගාරික වරයා වෙත තබාගත හැකි එදිනෙදා ගණුදෙනු සඳහා අවශ්‍ය වන උපරිම මුදල් ප්
රමාණය පරිපාලන මණ්ඩලය විසින් තීරණය කල යුතුය.
(6) පදනමේ මුදල් වර්ෂය ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා විය යුතුය.
(7) පදනමේ වාර්ෂික ගිණුම් පිළිබඳ ප්‍රකාශය මහා සභාව විසින් නම් කරනු ලබන විගණකවරුන්
විසින් විගණනය කොට සහතික කලයුතු අතර ඒ ප්‍රකාශය පරිපාලන මණ්ඩලය වෙත සහ මහ
සභාව වෙත ඉදිරිපත් කල යුතුය.
Retyped draft for review, October 2026 | Page 10
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
33. රීති සංශෝධනය කිරීම
(1) පදනමේ රීති මහා සභාවේ රැස්වීමකදී හෝ තත්කාර්යය සඳහා කැඳවනු ලබන මහා සභාවේ
විශේෂ රැස්වීමකදී පැමිණ සිටින සාමාජිකයින්ගෙන් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් මිස ප්
රතිශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම හෝ සංශෝධනය කිරීම නොකල යුතුය.
(2) යෝජිත ප්‍රතිශෝධනය පරිච්ඡින්න කිරීම හෝ සංශෝධනය පිළිබඳ ලිඛිත දැන්වීමක් පරිපාලන
ලේකම්වරයා වෙත ඉදිරිපත් කල යුතුය.
[Scan page 19 (typed -11-)]
34. වාර්ෂික වාර්තාව
සමිති ආඥාපනත යටතේ අනුමත කරනු ලැබූ විගණකවරයෙකු විසින් විගණනය කරනු ලැබූ පදනමේ
අය සහ වැය අරමුදල් සහ චංචල නිශ්චල දේපල පිළිබඳව වාර්ෂික වාර්තාවක් සමාගම් [?] රෙජිස්ට්‍රාර්වරයා
වෙත පරිපාලන ලේකම්වරයා විසින් ඉදිරිපත් කල යුතුය.
Note: The typed text ends here, about one quarter down page 19 (typed -11-). The rest of page 19 is blank. No signature,
date or certification appears on these eleven pages.
Retyped draft for review, October 2026 | Page 11
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
ව්‍යවස්ථා සංශෝධන
සංශෝධනය - 01
[Scan page 5 (carbon copy on page 20, headed "01 වෙනි සංශෝධනය"; item 6 continues on page 4, carbon copy on page 21)]
1987.09.07
1987.09.07 වෙනි දින ජාතික සංවර්ධන පදනම වාර්ෂික මහා සභා රැස්වීමේදී ව්යවස්ථාමාලාවේ 17, 18, 25, යන
වගන්තිවල නොයෙකුත් ඡේද වල සංශෝධනයන් කරන ලද අතර ඒවා පිළිවෙලින් පහත දක්වමු.
1. ව්‍යවස්ථා මාලාවේ දාහත්වන (17) වගන්තියේ පළමුවන (1) ඡේදයේ "පරිපාලන සභාවට
නියෝජිතයන් පහළොස් දෙනෙකු තෝරාපත් කිරීම" යන වචන වෙනුවට, "පරිපාලන සභාවට
නියෝජිතයන් හත් දෙනෙකු තෝරා පත් කිරීම" යන්න ආදේශ කිරීම.
2. ව්‍යවස්ථා මාලාවේ දහ අටවන (18) වගන්තියේ තුන්වන (3) ඡේදයේ "ගරු උප සභාපතිවරුන්
දෙදෙනෙකු" යන වචන වෙනුවට, "ගරු උප සභාපතිවරයකු" යන්න ආදේශ කිරීම.
3. ව්‍යවස්ථා මාලාවේ දහ අටවන (18) වගන්තියේ හතරවන (4) ඡේදයේ "උප සභාපතිවරු
දෙදෙනෙකුගෙන් කෙනෙකු" යන වචන වෙනුවට, "ගරු උප සභාපතිවරයා විසින්" යන්න ආදේශ
කිරීම.
4. ව්‍යවස්ථා මාලාවේ දහ අටවන (18) වගන්තියේ පස්වන (5) ඡේදයේ "ගරු උප සභාපතිවරුන් දෙදෙනා
අතරෙන් එක් තැනැත්තෙකු" යන වචන වෙනුවට, "ගරු උප සභාපතිවරයා" යන්න ආදේශ කිරීම.
5. ව්‍යවස්ථා මාලාවේ විසිපස්වන (25) වගන්තියේ පළමුවන (1) ඡේදයේ "පරිපාලන මණ්ඩලය යටත්
පිරිසෙන් එක් මසකට වරක්වත් රැස්විය යුතුය." යන වචන වෙනුවට "පරිපාලන මණ්ඩලය යටත්
පිරිසෙන් මාස තුනකට දෙවරක්වත් රැස්විය යුතුය." යන්න ආදේශ කිරීම.
[Scan page 4 (carbon copy on page 21)]
6. ව්‍යවස්ථා මාලාවේ විසිපස්වන (25) වගන්තියේ (3) වන ඡේදයේ "පරිපාලන මණ්ඩල රැස්වීම් පිළිබඳ
ගණපූරණය සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය" යන්න වචන වෙනුවට, "පරිපාලන
මණ්ඩලයේ රැස්වීම් පිළිබඳ ගණපූරණය සාමාජිකයන් හතරදෙනෙකු විය යුතුය." යන වචන ආදේශ
කිරීම.
දෙවනි සංශෝධනය
[Scan page 3 (clean retyped version; an earlier draft with handwritten corrections is on page 22)]
1988.10.24
1988.10.24 වෙනි දින ජාතික සංවර්ධන පදනම වාර්ෂික මහසභා රැස්වීමේදී ව්යවස්ථාමාලාවේ 17, 18, 25, යන
වගන්ති වල නොයෙකුත් ඡේදවල සංශෝධනයන් කරන ලද අතර ඒවා පිළිවෙලින් පහතින් දක්වමු.
1. ව්යවස්ථාමාලාවේ දාහත්වන (17) වන වගන්තියේ පළමුවන (1) ඡේදයේ "පරිපාලන සභාවට
නියෝජිතයින් හත් දෙනෙකු තෝරාපත් කිරීම" යන වචන වෙනුවට "පරිපාලන සභාවට නියෝජිතයින්
නවදෙනෙකු (9) තෝරාපත් කිරීම" යන වචන ආදේශ කිරීම.
Retyped draft for review, October 2026 | Page 12
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
2. ව්යවස්ථාමාලාවේ දහඅටවන (18) වන වගන්තියේ පළමුවන (1) ඡේදයේ "මහ සභාව විසින් තම වාර්ෂික
මහසභාව රැස්වීමේ පරිපාලන මණ්ඩලයක් තෝරාපත් කල යුතුය." යන වචන වෙනුවට "පරිපාලන
මණ්ඩලය විසින් එහි නිලධාරි මණ්ඩලය තෝරාපත් කල යුතුය" යන වචන ආදේශ කිරීම.
Handwritten: Item 2: the typed word "විසින්" is struck through and "මගින්" [?] is written above it by hand.
3. ව්යවස්ථාමාලාවේ විසිපස්වන (25) වන වගන්තියේ තුන්වන (3) ඡේදයේ "පරිපාලන මණ්ඩලයේ
ගණපූරණය සාමාජිකයන් හතරදෙනෙකු විය යුතුය" යන වචන වෙනුවට "පරිපාලන මණ්ඩලය පිළිබඳ
ගණපූරණය පස්දෙනෙකු විය යුතුය" යන වචන ආදේශ කිරීම.
සංශෝධනය - 03
[Scan page 2 (clean retyped version; a signed draft with handwritten corrections, later crossed out, is on page 23)]
Note: Neither page gives the date of the meeting that adopted this amendment.
ජාතික සංවර්ධන පදනම ව්‍යවස්ථා මාලාවේ රීති අංක : 32 (පදනමේ මුදල් පාලන) හි ඡේද අංක : 04 සඳහන්,
"පදනමේ මුදල් ආපසු ගැනීමේ සියළු චෙක්පත් ගරු භාණ්ඩාගාරිකවරයා විසින් සහ සභාපතිවරයා විසින් හෝ
ගරු උපසභාපතිවරයා විසින් හෝ ගරු උපසභාපතිවරුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු විසින් හෝ විධායක
ලේකම්වරයා විසින් හෝ අත්සන් කල යුතුය." යන යෙදුම,
පහත සඳහන් අයුරින් සංශෝධනය කිරීමට මහා සභාව තීරණය කලාය.
"පදනමේ මුදල් ආපසු ගැනීමේ සියළු චෙක්පත් හෝ මුදල් ආපසු ගැනීමේ ඉල්ලුම්පත් භාණ්ඩාගාරික ,
ගණකාධිකාරි හා විධායක ලේකම් හෝ සභාපතිවරයා හෝ උපසභාපතිවරයා විසින් අත්සන් කල යුතුය."
ජාතික සංවර්ධන පදනමේ ව්‍යවස්ථා මාලාවේ රීති අංක : 32 වන වගන්තියේ (8) වන ඡේදය ලෙස පහත
දැක්වෙන ඡේදය එකතු කිරීමට මහ සභාව තීරණය කලාය.
(8) "පදනමේ ප්‍රාදේශීය ව්‍යාපෘති සඳහා බැංකු ගිණුම් විවෘත කිරීමේදී පදනමේ ප්‍රධාන ක්ෂේත්‍ර සමායෝජක
/ සමායෝජිකා යන අයවලුන්ගෙන් එක් අයකුද, අවශ්‍ය වූ විටක එක්එක් ක්ෂේත්රයේ අවශ්‍යතාවයනට
අනුකූල පරිදි ප්‍රදේශයෙන් තෝරාපත් කරගනු ලබන, පදනමේ විධායක මණ්ඩලය මගින් අනුමත කරන
ලද ගොවි නියෝජිතවරුන් දෙදෙනෙකුද අත්සන් තැබිය යුතුය. කෙසේ වුවද කිසියම් ක්ෂේත්රයක
ගොවි නියෝජිතවරුන් පත්කර ගැනීමේ අපහසුතාවයක් ඇති වුවහොත්, පදනමේ ප්‍රධාන සමායෝජක
/ සමායෝජිකා යන දෙපලගේ අත්සන් සහිතව ගිණුම් විවෘත කිරීමට අවසර තිබිය යුතුය. මුදල් ආපසු
ලබාගැනීමේ සියලු චෙක්පත් / මුදල් ඉල්ලුම්පත්වලින් සඳහන් වූ තිදෙනා එනම්, (1) ප්‍රධාන ක්ෂේත්‍ර
සමායෝජක / සමායෝජිකා හෝ / ගොවි නියෝජිතවරුන් දෙදෙනා හෝ දෙවනුව දැක්වූ ප්‍රධාන
සමායෝජක / සමායෝජිකා යන අය විසින් සහතික කල යුතුය."
Retyped draft for review, October 2026 | Page 13
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
ඇමුණුම: අදාළ ලිපි හා සහතිකය
ලිපිය: ගිණුම් සහ වාර්ෂික ප්‍රගති වාර්තා (1992.07.08)
[Scan page 6]
ලි. ප. තැ.
1992.07.08
එන්/ඩී/එෆ්/1/005
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්තුමා,
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,
267, යුනියන් පෙදෙස,
කොළඹ 02.
මහත්මයාණෙනි,
ගිණුම් සහ වාර්ෂික ප්‍රගති වාර්තා.
1988 වර්ෂයේ සිට 1990 වර්ෂය දක්වා මෙම ආයතනයේ ගිණුම් වාර්තා සහ 1988 සහ 1989 වර්ෂවල වාර්ෂික ප්‍රගති
වාර්තා ඔබගේ දැනගැනීම සහ අවශ්‍ය කටයුතු සඳහා මේ සමග එවමි.
මෙම ආයතනයේ ව්‍යවස්ථා මාලාවේ 34 වෙනි වගන්තියට අනුකූලව මෙම වාර්තා ඉදිරිපත් කරනු ලබන බව
කරුණාවෙන් සලකන්න.
ස්තූතියි.
මෙයට - විශ්වාසී,
[අත්සන]
උපාලි මාගෙදරගමගේ,
විධායක ලේකම්.
Note: A "91" at the top left edge is cut off; it is probably part of the "91, Pagoda Road" address. The letter carries no printed
letterhead.
රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහතිකය (1994)
[Scan page 7]
SS/NGO/2/94
CERTIFICATE OF REGISTRATION OF NON-GOVERNMENTAL ORGANIZATIONS UNDER THE
MONITORING OF RECEIPTS AND DISBURSEMENTS OF FUNDS REGULATION No. 1 OF 1993
PROMULGATED UNDER SECTION 5 OF THE PUBLIC SECURITY ORDINANCE CHAPTER 40
In accordance with the above regulations made by His Excellency the President under Section 5 of
the Public Security Ordinance Chapter 40, I, NAWIMANA WIDANAGE EDMUND WIJEWANTHE,
Director of Social Services certify that NATIONAL DEVELOPMENT FOUNDATION (Name of the
Retyped draft for review, October 2026 | Page 14
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
Organization) of [STREET ADDRESS WITHHELD, PRIVATE HOME], MAHARAGAMA
(Address of the Organization) is registered as a Non-Governmental Organization under the
Monitoring of Receipts and Disbursements of funds by Non-Governmental Organizations
Regulation No. 1 1993 with effect from 25.03.1994.
Registered No.: 0025
[Signature]
Director of Social Services.
Dept. of Social Services, No. 98, D. S. Senanayake Mawatha, Colombo.
Date: [?].03.1994
[Seal: Department of Social Services]
Department of Government Printing
Note: Printed government form with typed entries. The day in "Date" is not legible on the scan; the covering letter on
page 8 is dated 1994/03/29. Already in the corpus as NDF-FND-003.
ලිපිය: රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම (1994.03.29)
[Scan page 8]
මගේ අංකය: එස්එස්/එන්ජීඕ/1/0025
සමාජ සේවා දෙපාර්තමේන්තුව,
98, ඩී.එස්. සේනානායක මාවත,
කොළඹ 08.
1994/03/29
ලේකම්, (අත් අකුරින්)
................
මහත්මයාණනි / මහත්මියනි,
මහජන ආරක්ෂක ආඥා පනතේ (40 වැනි අධිකාරය) යටතේ සම්පාදිත 1993 අංක 1 දරන රාජ්‍ය නොවන
ආයතනවල ලැබීම් සහ වියපැහැදම් සමීක්ෂණය කිරීමේ නියෝග යටතේ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි
කිරීම.
01. ලියාපදිංචි කිරීම සඳහා වූ ඔබේ ................ දාතම දරන ඉල්ලුම් පත්‍රය සම්බන්ධවයි.
02. National Development Foundation (අත් අකුරින්) නමැති සංවිධානය 1994/03/25 (අත් අකුරින්) දින
සිට ක්‍රියාත්මක වන පරිදි ඉහත සඳහන් නියෝග යටතේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි කර
ඇත.
03. අංක 0025 (අත් අකුරින්) හා 1994/03/29 (අත් අකුරින්) දාතම දරන ලියාපදිංචි කිරීමේ සහතිකය මේ සමග
එවා ඇත.
කරුණාකර ලැබුණු බව දන්වන්න.
Retyped draft for review, October 2026 | Page 15
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
මට,
විශ්වාසී,
[අත්සන]
සමාජ සේවා අධ්යක්ෂ.
පිටපත්:
1. පළාත් සමාජ සේවා කටයුතු භාර ලේකම්, බස්නාහිර [?] (අත් අකුරින්)
2. ප්‍රාදේශීය ලේකම්, මහරගම [?] (අත් අකුරින්)
3. ග්‍රාම නිලධාරි, [illegible] (අත් අකුරින්) කොට්ඨාශය,
Note: A pre-printed Department of Social Services form letter with handwritten entries. The applicant address lines are
left blank. The reference number in the top right is partly handwritten.
Retyped draft for review, October 2026 | Page 16
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
සමාලෝචන සටහන් (Review notes)
Prepared with the retyped copy, 17 October 2026. Not part of the original documents.
A. What is in the bundle
Scan page Content
1 Cover: ජාතික සංවර්ධන පදනම ව්‍යවස්ථාව, 91, පැගොඩ පාර, නුගේගොඩ
9-19 Sinhala constitution (රීති), Articles 1 to 34, marked "Updated Constitution" by hand
5, 4 සංශෝධනය 01, 1987.09.07 (carbon copies on pages 20, 21)
3 දෙවනි සංශෝධනය, 1988.10.24 (draft with hand corrections on page 22)
2 සංශෝධනය 03, undated (signed draft, later crossed out, on page 23)
6 Letter of 1992.07.08 sending the 1988-1990 accounts and progress reports
7, 8 1994 NGO registration certificate No. 0025 and the covering letter
24-41 English constitution and 1987 amendments (see the separate English file)
B. Corrections made
Constitution (pages 9-19): no wording changed. Typewriter Roman numerals such as 11, 111, 1v are
written as ii, iii, iv. Period spellings such as "කල", "අදාල" and "සියළු" are kept.
Amendments and letters: 9 typing slips corrected.
Scan page Original Retyped as
4 සණ පූර්ණය / සණ පූරණ ගණපූරණය
3 සණ පූරණය (twice) ගණපූරණය
4 සමාපිකයන් සාමාජිකයන්
4 සමන්විය යුතුය සමන්විත විය යුතුය
2 සහා සභාපතිවරයා සහ සභාපතිවරයා
2 ප්‍රදේශය -න් (split at line end) ප්‍රදේශයෙන්
5 ගරු උෂ සභාපතිවරයකු (item 2) ගරු උප සභාපතිවරයකු
2 ගිණුම් විවෘත කිරීමට අවසර තිබිය යුතුය (typed විවෘත
"විවෘග")
6 බවකරුණාවෙන් බව කරුණාවෙන්
C. Words to confirm
1. Article 3: "දැතිරෝදයක" and "පසෙකින්" are faint. Article 4: "පසුතලයකින්" is typed unclearly.
2. Article 7: "එකඟවන" has letters lost in the scan. Article 8 (ඇ): "ඉකුත්වූ" is faint.
3. Article 9 refers to rule 8 and Article 7 refers to rule 9. Membership is Article 7 and applications
are Article 9. Please correct the numbers.
Retyped draft for review, October 2026 | Page 17
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
4. Article 15 is typed "අධ්‍යයනය කිරීමේ" (study). The heading is about suspension or cancellation,
so "අහෝසි කිරීමේ" (cancel) is probably meant.
5. Article 18 (2) iii "ක්ෂේත්රයේවල" and 18 (5) "සිටීම" are faint or cut at the edge. Article 32 (1): the
word in brackets is read as "(පරිත්‍යාග)".
6. Second amendment, item 2: the typed word "විසින්" is struck out and a handwritten word, read
as "මගින්", is written above it.
D. Points for the NDF team to decide
1. The Sinhala text is marked "Updated Constitution", but it does not include the 1987 or 1988
amendments. It still has 15 council members, two Vice Chairmen and monthly council
meetings. Should one consolidated constitution be prepared with all amendments built in?
2. Council size (Article 17 (1)): 15 in the original, 7 after the 1987 amendment, 9 after the 1988
amendment. Article 18 (2) still lists 9 + 3 + 3 = 15. Which number applies now?
3. The Sinhala and English 1987 amendments disagree. Sinhala: the council meets at least twice
in three months, with a quorum of four. English: at least once in three months, with a quorum
of five. The 1988 Sinhala amendment sets the quorum at five. Which is correct?
4. Amendment 03 (Article 32, cheques and regional project bank accounts) has no date or
meeting record. It adds an Accountant (ගණකාධිකාරි) as a signatory. The old text it quotes still
names two Vice Chairmen, although 1987 reduced this to one. Please supply the date and
minutes.
5. Registered office (Article 2): No. 5, S.D.S. Jayasinghe Mawatha, Kohuwala, Nugegoda (1981). The
cover and the 1987 meeting show 91, Pagoda Road, Nugegoda. The 1994 certificate shows
Maharagama. Which address should the constitution give?
6. Article 34 sends the annual report to the Registrar of Companies ( සමාගම් රෙජිස්ට්‍රාර්) but cites
the Societies Ordinance. It probably should be the Registrar of Societies. The 1992 letter went
to the Registrar of Business Names.
7. English typed page -11- is missing. The Sinhala text has the matching content: Article 18 (8)
and (9) and Article 19 (i) to (vii). Please confirm the Sinhala wording so the English can be
completed.
8. Article 4 (flag): a lion with a sword, bo leaves, red and yellow. This is close to the national flag.
Is it still suitable? Article 3 describes the emblem in words only. Is there artwork of the
emblem?
9. The 1981 registration notice says the objects cannot change without the Minister's prior
approval. Article 33 does not mention this.
Retyped draft for review, October 2026 | Page 18
ජාතික සංවර්ධන පදනම | ව්‍යවස්ථාව (සිංහල)
10. The 1992 letter says accounts for 1988 to 1990 and progress reports for 1988 and 1989 were
filed. Copies would help the record.
11. Fees in Article 11 (Rs. 25 and Rs. 50 a year) and honorary membership for clergy only (Article 8)
may need review.
Retyped draft for review, October 2026 | Page 19